Monday, February 20, 2012

අතීතයෙන්......

මට මතක විදියට ඉස්සෙල්ලාම කියලා මම ගත්තේ  Olympus F220 කියන 7.2 මෙගාපික්සල්, පුංචිම පුංචි කැමරාවක්. එකෙන් තමයි මට මේ ආශාව ඇතිවුනේ.

ඒ කැමරාවෙන් එහාට මෙහාට දඟලලා 2008 අප්‍රේල් 30 දා නුවර-එළිය මල් වත්තේදී ගත්ත ඡායාරූප ටිකක් තමයි පහල තියෙන්නේ.

මගේ ට්‍රයි එක වුනේ කොහොම හරි macro ෂොට් ටිකක් ගන්න. ඔයාලම කියන්න මගෙ උත්සාහය සාර්ථක  වෙලාද කියලා.


 




 






ඇත්තටම මේ ඡායාරූප දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා. අතීතය කියන්නේ අපිට ලස්සන දේවල් ගොඩාක් එකතුවුනු සුන්දර මතකයක්ම විතරයි නේද?

මගේ බ්ලොග් කියවන සහෝදරයෙකුගේ අදහසක් අනුවයි මාගේ ඡායාරූප වලට වෝටර්මාර්ක් එකක් යෙදුවේ....


Saturday, February 18, 2012

ආයෙමත්.......


ආයෙමත්....... සැරයක් හරියටම කිව්වොත් අවුරුද්දකට පස්සේ මගේ කැමරාවට හසුවූ දෑ ඔයාලත් එක්ක බෙදාගන්න මම කැමතී. මට මේක අයෙමත් පටන් ගන්න හිතුනේ මම මගේ කැමරාවෙන් ගත්ත ඡායාරුපයක් මගේ හොදම යාලුවාගේ wallpaper එකක දකිද්දී.....

මේ මුව රංචුව මගේ කැමරාවට හසුවුනේ යාල අභය භූමියේදී. හ්ම්ම්..... Nikon D40 කින් සහ Tamron DX වර්ගයේ 70-300mm lens අධාරයෙන් තමයි මේ වැඩේ මේ තරම් සාර්ථක කර ගත්තේ. ඉතින්... තවත් මේ වගේ ගත්ත ගොඩාක් snaps තියෙනවා. ඉස්සරහට මම මගේ ඡායාරූප එකතුව නැවතත් ඔයාල එක්ක බෙදාගන්නකල් මේ ඡායාරූප දෙක එක්ක පරන මතකයන් ආවර්ජනය කරන්න.... 




Wednesday, December 22, 2010

SBU ගැන්සිය



2010.12.19 දා තිබුනු SBU සුහද හමුවේ සමූහ ඡායාරූපය දැක්කම හිතට පුදුම සතුටක් දැනෙන්නේ. කොටින්ම කිව්වොත් ඇඩෙනවා. ඇඩෙන්නනම් හේතූ 2ක් තියෙනවා. එකක් මේ ඉන්න SBU සහෝදරයෝ දැක්කම ඇති වෙන සතුටට. අනිත් හේතුව එන්න බැරිවුන එක. මොනවා කරන්නද වැකේෂන් එක සෙට් වුනේ ලබන අවුරුද්දට. මොනවා වුනත් වැඩේ මල් හතයි. අපිට ඉතින් කියන්න තියෙන්නේ SBU ගැන්සිය සදා වැජබේවා කියලා තමයි.....

Thursday, December 16, 2010

නෙත නොගැ‍ටුනු මල........


ගොඩක් දෙනෙක්ට නෙත නොගැ‍ටුනු මේ මල මගේ නෙත ගැ‍ටුනේ 2009 ජුලී මාසයේ 19 දා රෑ 12.30 ට විතර. මම කැළනියේ නතර වෙලා ඉන්න කාලේ මේ මල සෙට් වුනේ. මලා මේකේ නම කියන්න බැරි වුනානේ. මේ කඩුපුල් මලක්. මේ මල් වටා ගෙතිච්ච අරුම පුදුම කතා තියෙන්නේ. හැබයි මේ එකම කතාවක්වත් මම දන්නේ නෑ. මගේ කැමරාවට පින් සිද්ද වෙන්න මම මේ photo එක නම් ගත්තා. අද තමයි මට මේ photo එකේ වටිනාකම තේරෙන්නේ. මේ වගේ ගත්ත photos ගොඩාක් තියෙනවා. මම ඒවා ඉස්සරහට තියා ගත්තා.


කියන්න බැරි වුනානේ, මේ photo එක ගත්තේ 18-55mm Lense එකක් තියෙන Nikon D40 කැමරාවකින්.

Thursday, December 9, 2010

පසුබිමට අරුතක්............


ඔන්න ඉස්සෙල්ලාම කැමරාවක් කියලා ගත්තේ Olympus fe-220 කියන 7.2 megapixel පුංචිම කැමරාවක්. ඔන්න ඕකෙන් ගත්ත පොටෝ එකකින් තමයි මගෙ මේ blog එකේ පසුබිමට දාගෙන තියෙන්නේ.

මම මේ මලයි සමනලයි අල්ල ගත්තේ තවත් මලක් එක්ක නුවර-එළිය මල් වත්තෙන්. හබැයි ඉතින් මාත් එක්ක ගිය මල නම් අද මා එක්ක නෑ. මොනවා වුනත් මම මේ සමනලය වටේ කැමරාව අරන් පැය බාගයක් විතර කැරකී කැරකී නම් හිටියා.

ඒ වගේම මේ පෝටෝවල ලස්සන මතකයකුත් තියෙනවා. තව ඉස්සරහට මම post කරන්නම්කෝ.


ඇසට ආරම්භයක්....................

කැමරාව, ඇස එක්ව ගත් කල, එමගින් කල හැකි දේ බොහොයි. මගේ බලාපොරොත්තුව මේ තුලින් ඔබට මගේ අදහස් ඔබත් සමග බෙදා ගන්නයි. මා විසින් අහබු ලෙස කැමරා කාචයට හසු කර ගත් හා මාගේ නොයෙක් ඡායාරූප ඔබ සමග බෙදා ගන්නයි මේ සූදානම. නමුත් මා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් නොවේ.........