Monday, February 20, 2012

අතීතයෙන්......

මට මතක විදියට ඉස්සෙල්ලාම කියලා මම ගත්තේ  Olympus F220 කියන 7.2 මෙගාපික්සල්, පුංචිම පුංචි කැමරාවක්. එකෙන් තමයි මට මේ ආශාව ඇතිවුනේ.

ඒ කැමරාවෙන් එහාට මෙහාට දඟලලා 2008 අප්‍රේල් 30 දා නුවර-එළිය මල් වත්තේදී ගත්ත ඡායාරූප ටිකක් තමයි පහල තියෙන්නේ.

මගේ ට්‍රයි එක වුනේ කොහොම හරි macro ෂොට් ටිකක් ගන්න. ඔයාලම කියන්න මගෙ උත්සාහය සාර්ථක  වෙලාද කියලා.


 




 






ඇත්තටම මේ ඡායාරූප දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා. අතීතය කියන්නේ අපිට ලස්සන දේවල් ගොඩාක් එකතුවුනු සුන්දර මතකයක්ම විතරයි නේද?

මගේ බ්ලොග් කියවන සහෝදරයෙකුගේ අදහසක් අනුවයි මාගේ ඡායාරූප වලට වෝටර්මාර්ක් එකක් යෙදුවේ....


Saturday, February 18, 2012

ආයෙමත්.......


ආයෙමත්....... සැරයක් හරියටම කිව්වොත් අවුරුද්දකට පස්සේ මගේ කැමරාවට හසුවූ දෑ ඔයාලත් එක්ක බෙදාගන්න මම කැමතී. මට මේක අයෙමත් පටන් ගන්න හිතුනේ මම මගේ කැමරාවෙන් ගත්ත ඡායාරුපයක් මගේ හොදම යාලුවාගේ wallpaper එකක දකිද්දී.....

මේ මුව රංචුව මගේ කැමරාවට හසුවුනේ යාල අභය භූමියේදී. හ්ම්ම්..... Nikon D40 කින් සහ Tamron DX වර්ගයේ 70-300mm lens අධාරයෙන් තමයි මේ වැඩේ මේ තරම් සාර්ථක කර ගත්තේ. ඉතින්... තවත් මේ වගේ ගත්ත ගොඩාක් snaps තියෙනවා. ඉස්සරහට මම මගේ ඡායාරූප එකතුව නැවතත් ඔයාල එක්ක බෙදාගන්නකල් මේ ඡායාරූප දෙක එක්ක පරන මතකයන් ආවර්ජනය කරන්න....