මේ වගේ මගේ අතින් මඟ ඇරුනු ගොඩාක් පොටෝස් තියෙනවා. ඒවත් ඉස්සරහට දාන්නම්කෝ.....
මේ පදවැල මට අද ලැබුනේ. ඒ කියන්නේ 2012 නොවැම්බර් 25. හැබැයි මේකට ගැලපෙන මම ගත්ත පොටෝ එකක් නම් නෑ. මේක මට එවපු කෙනාගේ නමින්ම මම දාන්නම්. නිකන් හරි ඔයාල ගාව ගැලපෙන පින්තූරයක් තියෙනවනම් මට එවන්න...
හිරු උදාවුනා මගෙ ලෝකෙට
ඝනදුර දුරුකර පහව ගියා
සිනහව රදවා දොම්නස් නසලා
ඔබමයි කුමරුනි දිවිය පුරා....
ඝනදුර දුරුකර පහව ගියා
සිනහව රදවා දොම්නස් නසලා
ඔබමයි කුමරුනි දිවිය පුරා....
ඔබ දුටු සෙනෙකින් ආලය හැදිනෙමි
සිත තුල හිරිමල් දහසක් පිපුනා
සතුටෙ කිමිදී පිය වු දෙනෙතින්
ඔබෙ රූ මා මනසින් වින්දා.....
හිරු උදාවුනා............
පෙරුම් පුරා ආ දිවි ගමනේ
මමද යසොදරාවකි ජීවන කතරේ
නැගෙන්නට අවසරයී අමාවක දවසේ
පුන් සද වෙලා ඔබේ හද අරණේ......
මමද යසොදරාවකි ජීවන කතරේ
නැගෙන්නට අවසරයී අමාවක දවසේ
පුන් සද වෙලා ඔබේ හද අරණේ......