Thursday, March 8, 2012

සතා මොකාද?....


ඇත්තටම කවුද මේ?. මෙයාව අල්ල ගත්තේ නම් යාල රක්ෂිතයෙන්. සෑහෙන දුරක ඉදන් ගත්තේ උරුලෑවෙක් කියලා හිතාගෙන. බැලින්නම් මුගටියෙක්. මට නම් පේන්නේ ඒ විදියට. ඔයාලත් බලලම කියන්නකෝ මේ කවුද කියලා......

මගේ පොඩි Nikon D40ටයි, Tamron 70-300mm lens එකටයි පින් සිද්ද වෙන්න තමයි මෙයාව අල්ල ගත්තේ. දවසක මම ඒ කැමරාව ගැනත් ලියන්නම්කෝ. එයා නම් දැන් මගෙ ලඟ දැන් නෑ. ඒක 6 megapixel කැමරාවක්..

ඉස්සෙල්ලා කියන්න මෙයා කවුද කියලා......


8 comments:

  1. හරි හරි මේ මුගටියෙක් තමයි. අම්මෝ අපේ ගමේ ගෙදර වහල මුන්දැලා ඇවිත් රෑට පෙල්ලන්න හදනවා.

    ReplyDelete
    Replies
    1. බට්ටියේ රෑට වහල පෙල්ලන්නෙ මුගටි නෙවෙයි බොල කලවැද්දො , මුගටි ඉන්නෙ බිම ...............
      මූ ත් බිමට බැහැපු කල වැදෙක්ද මන්දා

      Delete
    2. අනේ නෑ අනේ. කන්දක් තියෙනවා. එතන ඉදලා දිගටම ගස් තියෙනවා. වහළේ ගෑවි ගෑවි තැඹිලි ගහක් තියෙනවා. ඉතිං ඒක දිගේ තමයි මෙයාලා එන්නේ.

      Delete
  2. මුගටියා. උරුලෑවෙක් කාචයට හසුකරගන්නඑක නං ලේසි වැඩක් නෙවේ. මොකද ඌ කුලෑටි සතෙක්. අනිත්එක කිශාචරයෙක්.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මුගටියෙක් නේද?

    ReplyDelete
  5. එළ එළ..ලස්සනට තියෙනවා....

    ReplyDelete
  6. ඒ කියන්නේ ඔක්කොම කියන්නේ මුගටියෙක් නම් එහෙම වෙන්න ඇති නේද..... තෑන්ක්ස් කොමෙන්ට් වලට යාලුවනේ...

    ReplyDelete