Sunday, May 27, 2012

මහමුහුද.....

මම ගිය සතියේ ලංකාවට ගිය වෙලාවේ ගත්ත පොටෝ ටිකක් මේ. ඒ වෙලාවේ එච්චරම උනන්දුවෙන් නොගත්තත් පස්සේ බලද්දියි අමුතු ගතියක් දැක්කේ. මම ඉතින් පොඩි වෙනස්කම් ටිකකුත් කලා. සමහරු කියයි මේකේ කලර් අවුල් කියලා. මට ඕනවුනේ වෙනස්ම දෙයක් දකින්න. දික්වැල්ලයි මාතරයි අතර තමයි මේ ලස්සන දර්ශනය මට හසු වුනේ........


Thursday, April 19, 2012

අනාගත්ත පොටෝ

පරන අවුරුද්දට අපේ අය සෙට් වෙලා ගත්ත පොටෝ ටිකක් මේ. හැමෝම බැන්නේ "අම්මෝ ඔයාලා හොදටෝම බීලා කියලා" මොන පිස්සුද අපිනේ දන්නේ බීපූ ඒවා.

මේ පහලින් තියෙන්නේ එදා ගත්ත පොටෝ ටිකක්. අපේ හැමදාම සෙට් වෙන මෙම්බර්ස්ලා ටික තමයි මේ ඉන්නේ. පොඩි එඩිටින් පාට් එකක් දාලා තියෙනවා. පොඩිමත් නෑ. බලන්නකෝ හොදද කියලා........





Tuesday, March 13, 2012

හොදයිද බලන්න.. |Nikon D3100|


මම කැමරාවට user guide එකක් හොයාගන්න ට්‍රයි එකක් දෙද්දී තමයි මට මේක ලැබුනේ. ඔයාලත් බලලම කියන්න හොදයිද කියලා.

මට හිතෙන විදියට nikon D3100 කැමරාවෙන් හිතනවට වඩා ලොකු දෙයක් කරන්න පුලුවනි. වේලාව අරගෙන හෙමිහිට බලන්නකෝ එහෙනම්.






මොනවද මේ ගැන හිහන්නේ.....

Thursday, March 8, 2012

සතා මොකාද?....


ඇත්තටම කවුද මේ?. මෙයාව අල්ල ගත්තේ නම් යාල රක්ෂිතයෙන්. සෑහෙන දුරක ඉදන් ගත්තේ උරුලෑවෙක් කියලා හිතාගෙන. බැලින්නම් මුගටියෙක්. මට නම් පේන්නේ ඒ විදියට. ඔයාලත් බලලම කියන්නකෝ මේ කවුද කියලා......

මගේ පොඩි Nikon D40ටයි, Tamron 70-300mm lens එකටයි පින් සිද්ද වෙන්න තමයි මෙයාව අල්ල ගත්තේ. දවසක මම ඒ කැමරාව ගැනත් ලියන්නම්කෝ. එයා නම් දැන් මගෙ ලඟ දැන් නෑ. ඒක 6 megapixel කැමරාවක්..

ඉස්සෙල්ලා කියන්න මෙයා කවුද කියලා......


Monday, February 20, 2012

අතීතයෙන්......

මට මතක විදියට ඉස්සෙල්ලාම කියලා මම ගත්තේ  Olympus F220 කියන 7.2 මෙගාපික්සල්, පුංචිම පුංචි කැමරාවක්. එකෙන් තමයි මට මේ ආශාව ඇතිවුනේ.

ඒ කැමරාවෙන් එහාට මෙහාට දඟලලා 2008 අප්‍රේල් 30 දා නුවර-එළිය මල් වත්තේදී ගත්ත ඡායාරූප ටිකක් තමයි පහල තියෙන්නේ.

මගේ ට්‍රයි එක වුනේ කොහොම හරි macro ෂොට් ටිකක් ගන්න. ඔයාලම කියන්න මගෙ උත්සාහය සාර්ථක  වෙලාද කියලා.


 




 






ඇත්තටම මේ ඡායාරූප දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා. අතීතය කියන්නේ අපිට ලස්සන දේවල් ගොඩාක් එකතුවුනු සුන්දර මතකයක්ම විතරයි නේද?

මගේ බ්ලොග් කියවන සහෝදරයෙකුගේ අදහසක් අනුවයි මාගේ ඡායාරූප වලට වෝටර්මාර්ක් එකක් යෙදුවේ....


Saturday, February 18, 2012

ආයෙමත්.......


ආයෙමත්....... සැරයක් හරියටම කිව්වොත් අවුරුද්දකට පස්සේ මගේ කැමරාවට හසුවූ දෑ ඔයාලත් එක්ක බෙදාගන්න මම කැමතී. මට මේක අයෙමත් පටන් ගන්න හිතුනේ මම මගේ කැමරාවෙන් ගත්ත ඡායාරුපයක් මගේ හොදම යාලුවාගේ wallpaper එකක දකිද්දී.....

මේ මුව රංචුව මගේ කැමරාවට හසුවුනේ යාල අභය භූමියේදී. හ්ම්ම්..... Nikon D40 කින් සහ Tamron DX වර්ගයේ 70-300mm lens අධාරයෙන් තමයි මේ වැඩේ මේ තරම් සාර්ථක කර ගත්තේ. ඉතින්... තවත් මේ වගේ ගත්ත ගොඩාක් snaps තියෙනවා. ඉස්සරහට මම මගේ ඡායාරූප එකතුව නැවතත් ඔයාල එක්ක බෙදාගන්නකල් මේ ඡායාරූප දෙක එක්ක පරන මතකයන් ආවර්ජනය කරන්න.... 




Wednesday, December 22, 2010

SBU ගැන්සිය



2010.12.19 දා තිබුනු SBU සුහද හමුවේ සමූහ ඡායාරූපය දැක්කම හිතට පුදුම සතුටක් දැනෙන්නේ. කොටින්ම කිව්වොත් ඇඩෙනවා. ඇඩෙන්නනම් හේතූ 2ක් තියෙනවා. එකක් මේ ඉන්න SBU සහෝදරයෝ දැක්කම ඇති වෙන සතුටට. අනිත් හේතුව එන්න බැරිවුන එක. මොනවා කරන්නද වැකේෂන් එක සෙට් වුනේ ලබන අවුරුද්දට. මොනවා වුනත් වැඩේ මල් හතයි. අපිට ඉතින් කියන්න තියෙන්නේ SBU ගැන්සිය සදා වැජබේවා කියලා තමයි.....