Thursday, December 9, 2010

පසුබිමට අරුතක්............


ඔන්න ඉස්සෙල්ලාම කැමරාවක් කියලා ගත්තේ Olympus fe-220 කියන 7.2 megapixel පුංචිම කැමරාවක්. ඔන්න ඕකෙන් ගත්ත පොටෝ එකකින් තමයි මගෙ මේ blog එකේ පසුබිමට දාගෙන තියෙන්නේ.

මම මේ මලයි සමනලයි අල්ල ගත්තේ තවත් මලක් එක්ක නුවර-එළිය මල් වත්තෙන්. හබැයි ඉතින් මාත් එක්ක ගිය මල නම් අද මා එක්ක නෑ. මොනවා වුනත් මම මේ සමනලය වටේ කැමරාව අරන් පැය බාගයක් විතර කැරකී කැරකී නම් හිටියා.

ඒ වගේම මේ පෝටෝවල ලස්සන මතකයකුත් තියෙනවා. තව ඉස්සරහට මම post කරන්නම්කෝ.


2 comments:

  1. පෝටෝවල ලස්සන මතකයකන් සැගවිලා තියනව...
    පෝටෝස් අපිව ආයේත් අතීතයට එක්කගන යනව...

    ReplyDelete